අඛණ්ඩව පවතින කොරෝනා වසංගතය සමග කටයුතු කිරීම සඳහා හදිසි නීතිය 2022 ගිම්හානය දක්වා දීර්ඝ කිරීමට ප්‍රංශය සැලසුම් කරන බව රජයේ ප්‍රකාශක ගේබ්‍රියෙල් පවසයි.
දැනට නොවැම්බර් 15දා දක්වා අවශ්‍ය අගුලු දැමීම, ජන ගමනාගමනය සීමා කිරීම සහ සෞඛ්‍ය ගමන් බලපත්‍රය වැනි සීමිත පියවර දීර්ඝ කිරීමට හෝ නැවත ස්ථාපිත කිරීමට රජය මේ සමග කටයුතු කරනු ඇත.
වසංගතය සම්පූර්ණයෙන්ම පාලනය වනතුරු නව සාමාන්‍ය තත්ත්වය යටතේ ආරක්ෂාකාරීව රටේ සාමාන්‍ය කටයුතු සිදුකර ගැනීම සඳහා ප්‍රංශ රජය හදිසි නීතිය යොදාගැනීමට කටයුතු කරන බව කියයි.