2021 රුසියානු ජනගහනය ඓතිහාසිකව පහත වැටිලා


2021 දී රුසියාවේ ජනගහනය මිලියනයකට වඩා අඩු වී ඇති බව එරට සංඛ්‍යාලේඛන ඒජන්සිය වන රොස්ස්ටැට් වාර්තා කරයි.

2021 වසරේ මරණ අනුපාතිකය පෙර වසරට සාපේක්ෂව 15.1%කින් වැඩි වී ඇති බවත් සංඛ්‍යාලේඛන පෙන්වාදී ඇති අතර, එය වසංගතය මගින් උග්‍ර වූ බවද ඒජන්සිය පවසයි.

සෞඛ්‍ය නිලධාරීන් රට තුළ පළමු කොවිඩ්-19 ආසාදිතයා වාර්තා කළ දා සිට කොරෝනා වෛරසය ආසාදිතව පුද්ගලයින් 660,000කට වැඩි පිරිසක් මිය ගිය බව රොස්ස්ටැට් සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

2021 දී රුසියාවේ ජනගහනයෙන් මිලියන 2.445ක් මිය ගොස් ඇත.



Recommended Articles