2021 දී සීනොෆාම් එන්නත් බිලියනයක් නිපදවනවාලු


2021 දී චීනයේ සීනොෆාම් හි වාර්ෂික නිෂ්පාදන ධාරිතාව කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා බිලියනයකට වඩා ළඟාකර ගත හැකි බව සමාගමේ සභාපති සහ විධායක අධ්‍යක්ෂ යූ ක්වින්මිං පවසයි.

ධාරිතාවය අඛණ්ඩව ව්‍යාප්ත කිරීමෙන් සීනොෆාම් සමාගමට අනාගතයේ දී වසරකට මාත්‍රා බිලියන 3 ක් නිපදවිය හැකි බවද යූ පැවසීය.

මෙවැනි නව එන්නත් නිපදවීමේදී සීනොෆාම් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවත්, සායනික අත්හදා බැලීම් ආරම්භ කරන බවද සඳහන් වෙයි.



Recommended Articles