එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි මහාචාර්ය ක්‍රිස් විට්ටි පවසන්නේ අවම වශයෙන් 2021 වනතෙක් සැලකිය යුතු ප්‍රමාණයක් හෝ නව කොරෝනා වෛරසය සංසරණය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
ඩවුන්ං වීදියේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ ශීත සෘතුව හා ඊළඟ වසන්තය දක්වා අප මේ තත්ත්වයේ නොසිටින්නේ නම්, තමන් පුදුමයටත් සතුටටත් පත්වන බවයි.
"කෙසේ වෙතත් අවම වශයෙන් එම කාලය තුළ සැලකිය යුතු ප්‍රමාණයේ නව කොරෝනා වෛරසයක් සංසරණය වනු ඇතැයි මා අපේක්ෂා කරනවා. විද්‍යාව ඉදිරිපත්ව එවැනි කාල රාමුවක් තුළ ලෝකය මුළුමනින්ම මේ වෛරසයෙන් ගලවා ගැනීම සුබවාදී වනු ඇතැයි කියා මා අපේක්ෂා කරනවා."
එංගලන්තයේ මීටර දෙකේ සමාජ දුරස්ථ රීතිය මීටරයකට අඩු කරන බව එක්සත් රාජධානියේ රජය අද නිවේදනය කළේය. කෙසේ වෙතත් මහාචාර්ය විට්ටි පවසන්නේ හැකිතාක් දුරට මිනිසුන් මීටර් දෙකක් පවත්වා ගත යුතු බවයි.
"බොහෝ වෙනස්කම් සිදුවන්නේ අපට කළ හැකි දේ අවධාරණය කිරීම සඳහායි. පුද්ගලයන් සහ ආයතන මේවා සැබවින්ම බැරෑරුම් ලෙස සැලකිල්ලට ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා" යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මහා බ්‍රිතාන්‍යයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 307,682ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට මරණ සංඛ්‍යාව 43,011කි.