2019 අවුල් සහගත වසරක් - රැජින සිය නත්තල් පණිවුඩයෙන් කියයි


බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින සිය නත්තල් දින පණිවිඩය ප්‍රකාශයට පත්කරමින් 2019 වසර තරමක් අවුල් සහගත වසරක් බව පිළිගෙන තිබේ.

ඇය පවසන්නේ මෙම මාර්ගය කිසි විටෙකත් සුමට නොවූ මාර්ගයක් බවයි. කෙසේ වෙතත් ඉතා කුඩා පියවර කිහිපයකින් මෙකී බෙදීම් සුවපත් කළ හැකි බව ඇය කියා සිටියාය.

රැජිනගේ මෙම පණිවුඩය පැමිණෙන්නේ බ්‍රෙක්සිට් පිළිබඳ වසරක දැඩි දේශපාලන විවාදයකින් පසුව මෙන්ම රාජකීය පවුලට බලපාන පෞද්ගලික සිදුවීම් ගණනාවකට පසුවය.

ඇගේ සැමියා වන 98 හැවිරිදි එඩින්බරෝ ආදිපාදවරයා පසුගියදා යළි හදිසියේ රෝගාතුර වී ලන්ඩනයේ රෝහලක් වෙත ඇතුළත් කර තිබුණි.

සිය වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි එඩින්බරෝ ආදිපාදවරයා හදිසියේ රෝහල්ගත කිරීමට කටයුතු කළ බව බකිංහැම් මාලිගය කියා තිබුණි.

කෙසේ වෙතත්, රෝහලේදී ඔහුට නිසි ප්‍රතිකාර ලැබෙන බව චාල්ස් කුමරු පවසා තිබුණි.

එමෙන්ම පසුගිය ජනවාරි මාසයේදී එඩින්බරෝ ආදිපාදවරයා නොර්ෆොක්හි ක්වීන්ස් සැන්ඩ්‍රින්හැම් වතුයාය අසල සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්වූයේ ඔහු පැදවූ රථය වෙනත් රථයක ගැටීම නිසාය. එම අනතුරින් කුමරුට අනතුරක් නොවූවත්, සෙසු රථයේ සිටි කාන්තාවන් දෙදෙනා රෝහල්ගත කෙරිණි.

එසේම සැප්තැම්බර් මාසයේදී, සසෙක්ස් හි ආදිපාදවරිය සහ ආදිපාදවරිය ඔවුන්ගේ දකුණු අප්‍රිකානු සංචාරයේදී මාධ්‍ය අවධානයට ලක්වූ අතර, ඔවුන් දෙදෙනාගේ අරගල ප්‍රසිද්ධියේ හෙළි කළහ.



Recommended Articles