2016 දී මෝදි පාකිස්තානයට යන බව කියයි


2016 වසරේදී පාකිස්තානයේ ඉස්තාම්බුල් නුවර පැවැත්වෙන සාක් සමුළුවට සහභාගි වන ලෙස පාකිස්තාන අගමැති නවාස් ෂෙරීෆ් මහතා කළ ඉල්ලීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගෙන තිබේ.

ඒ අනුව, මෝදි බලයට පත්වීමෙන් පසු ඔහු පාකිසතානයේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වනු ඇත.

දෙරටේ දේශසීමා සම්බන්ධයෙන් පැවති සාකච්ඡා බිඳ වැටීමෙන් පසු දෙරටේ නායකයන් අද (10දා) රුසියාවේ පැවති ෂැංහයි කෝපරේෂන් සමුළුවේදී මෙසේ මුණ ගැසුණි.

එහිදී, 2008 මුම්බායි ප්‍රහාරයට සම්බන්ධ ජිහාඩ් ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්ද නායක දෙපළ සාකච්ඡා කොට තිබේ.

 


Recommended Articles