2016 දී පෘථිවි වායුගෝලයේ CO2 වාර්තාගත ඉහළ යෑමක්


පෘථිවි වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් පරිමාව 2016 වසරේදී වාර්තාගත ලෙස ඉහළ යෑමක් පවතින බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසයි.

පසුගිය වසර 10ක පෘථිවි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් පරිමාවෙහි සාමාන්‍ය වර්ධනය සමග සැසඳීමේදී පසුගිය වසරේ 50%ක වැඩිවීමක් පවතින බව එම සංවිධානය කියයි.

මින් පෙර නිරීක්ෂණය නොකළ ආකාරයෙන් කාබන් ඩයොක්සයිඩ් පරිමාව ඉහළ යෑමට මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම, එල් නිනෝ තත්ත්වයන්ද හේතු වන්නට ඇති බව පර්යේෂකයෝ පවසති.

මේ තත්ත්වය ගෝලීය උෂ්ණත්ව ඉලක්ක අභිභවනය කරන අවස්ථාවකටද අනතුරු අඟවා ඇතැයි විද්‍යාඥයෝ පවසති.

1_CO2

 



Recommended Articles