2015 වසර තුළ ගොඩබිමින් හා මුහුදින් යුරෝපයට ඇතුළු වූ නීති විරෝධී සංක්‍රමණිකයන් පිරිස මිලියනය ඉක්මවා ඇති බව සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය පවසයි.
මෙය පසුගිය වසර සමග සැසඳීමේදී සිවු ගුණයක වැඩිවීමක් බවද එම සංවිධානය පවසයි.
එහිදී, වැඩිම සංක්‍රමණික පිරිස මුහුදු මගින් පැමිණ ඇති බවද පෙන්වා දෙයි.
එම අගය 800,000ක් පමණ වන අතර, ඔවුන් තුර්කියේ සිට ග්‍රීසිය වෙත පැමිණ තිබේ. ඉන් අඩක්ම සිරියාවෙන් පැමිණි සංක්‍රමණිකයන් බවද කියැවේ.
මේ අතර, තවත් සංක්‍රමණිකයන් 11 දෙනෙකු මුහුදේ ගිලීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මේ සමගම මෙම වසරේ මුහුදේදී මියගිය හා අතුරුදන් වූ සංක්‍රමණික පිරිස 3,695 දක්වා වැඩි වී තිබේ.