2014 ඉරාක හමුදා සමූල ඝාතකයන්ට මරණ දඬුවම


2014 වසරේදී ඉරාකයේ ඇමෙරිකානු කඳවුරක සිටි ඉරාක හමුදා සාමාජිකයන් 1,700ක් මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් 36 දෙනෙකු එල්ලා මරා දැමීමට නියම වී තිබේ.

ටික්රිට් නගරය ආසන්නයේ වූ ස්පෙයිෂර් කඳවුරේදී මෙම මහා මනුෂ්‍ය සංහාරය සිදුවූ අතර, උතුරුදිග ඉරාකයේ බලය IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් අතට පත්වීමෙන් පසුව මෙම සංහාරය ඔවුන් විසින් සිදුකර තිබුණි.

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහිව සටන් වදින ෂියා සටන්කාමීන්ට සහාය දක්වන ෂියා කැඩෙට් නිලධාරීන් වැඩි පිරිසක් මෙහිදී මරා දමා තිබුණි.

එවකට මෙම මනුෂ්‍ය සංහාරය සම්බන්ධ ඡායාරූප හා වීඩියෝ දසුන් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් විසින් ප්‍රසිද්ධ කර තිබුණු අතර, ඉන් වසරකට පසුව ඔවුන් වළ දැමුණු සමූහ මිනීවලවල් සොයාගෙන තිබුණේ ඉරාක හමුදා එම ප්‍රදේශයේ බලය යළි තහවුරු කරගැනීමට සමත් වීමෙන් පසුවය.

ඉරාක අධිකරණ අමාත්‍ය හයිදර් අල් සමීලී විසින් මොවුන්ට එරෙහිව පැනවුණු මරණීය දඬුවම ප්‍රසිද්ධ කර තිබුණි.



Recommended Articles