2013 වසරේ සිදුවූ හැකර් ප්‍රහාරයක් හේතුවෙන් සියලුම යාහූ පරිශීලකයන් බිලියන 3කගේ පමණ ගිණුම්වලට බලපෑමක් එල්ල වූ බව එම සමාගම පිළිගෙන තිබේ.
ඔවුන් පවසා සිටියේ මෙම හැකර් ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැන සිටි තොරතුරුවලට වඩා මේ වනවිට විශාල තොරතුරු ප්‍රමාණයන් අනාවරණය කරගැනීමට හැකිවූ බවයි.
මීට පෙර යාහූ සමාගම පවසා සිටියේ සිය ගිණුම් හිමියන් බිලියනයකගේ පමණ ගිණුම්වලට මෙම හැකර් ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වූ බවයි.
සමාගම පවසන්නේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ඔවුන් මේ වනවිටත් අධ්‍යයනය කරමින් සිටින බවයි.
ඇමෙරිකානු ටෙලිකොම් ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගම්ක වූ වේරිසෝන් සමාගම විසින් යාහූ අත්පත් කරගැනීම සිදුවූ අතර, එම ගනුදෙනුව පසුගිය ජූනි 13 වැනිදා අවසන් විය.
යාහූ සමාගම විසින් පසුගිය කාලය පුරාවට අත්විඳි විවිධ දුෂ්කරතාවලින් පසුව ඔවුන්ගේ ප්‍රධාන අන්තර්ජාල ව්‍යාපාරය ඇ.ඩො.බිලියන 4.8කට වේරිසෝන් සමාගම වෙත විකුණා දැමීය.