2012 වර්ෂයට පසුව බ්‍රිතාන්‍ය ආර්ථිකය පසුගිය අප්‍රේල් මාසයේ සිට ජූනි මාසය දක්වා 0.2%ක පසුබැසීමක් පෙන්වන බව කියයි.
බ්‍රිතාන්‍ය ජාතික දත්ත පිළිබඳ කාර්යාලයේ සිට එරට අභ්‍යන්තර කටයුතු ලේකම්වරයා කියා සිටියේ මෙය බ්‍රෙක්සිට් ක්‍රියාවලිය අබියස තරමක් පුදුමකරුවන සුළු තත්ත්වයක් බවයි.
විශේෂයෙන්ම බ්‍රෙක්සිට් ක්‍රියාවලිය හේතුවෙන් එරට මෝටර් රථ කර්මාන්තයට සිදුවූ බලපෑමද මෙමගින් පිළිබිඹු වන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
එමෙන්ම, බ්‍රිතාන්‍ය පවුම කෙරෙහිද මෙම අයහපත් ආර්ථික ප්‍රවණතාව බලපා ඇති අතර, එය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීමක් පෙන්වා තිබේ.