15කට මරු කැඳවූ ඉරාන ගුවන් අනතුරට හේතුව කාලගුණය


ඉරානයේ ටෙහෙරාන් අගනුවර ආසන්නයේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථය ඉක්මවා ගොස් තාප්පයක ගැටී තිබුණේ අයහපත් කාලගුණය නිසා බව අනාවරණය වෙයි.

බෝයිං 707 වර්ගයේ ගුවන් යානය ෆාත් ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්වීමට උත්සහ ගැනීමේදී ගුවන් ධාවන පථය ඉක්මවා ගොස් තාප්පයක ගැටී පසුව අසල වූ නිවාසවලද ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.

ඉරාන යුද්ධ හමුදාව පැවසුවේ, ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු අතරින් ගුවන් යානා ඉන්ජිනේරුවරයෙකු පමණක් මෙම අනතුරින් දිවි ගලවාගත් බවය.

එම ගුවන් යානය කිර්ගිස්ථානයේ බිෂ්කෙක් අගනුවර සිට ඉරානය දක්වා මස් ප්‍රවාහණය කරමින් සිට ඇත.



Recommended Articles