තම පාසලේ ඉගෙනම ලබන 14 හැවිරිදි පිරිමි දරුවෙකු සමග ලිංගික ඇසුරක් පැවැත්වූ ඇමෙරිකාවේ, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විවාහක ගුරුවරියක අත්අඩංගුවට ගෙන තිබේ.
ස්ටෙෆනි පීටර්සන් ලෙස හඳුනාගෙන ඇති 29 හැවිරිදි ගුරුවරිය ෆ්ලොරිඩා හි නිව් ස්මයිර්නා හිදී අත්අඩංගුවට ගෙන තිබුණේ, පාසල් සිසුවාගේ දෙමවුපියන් සිදුකළ පැමිණිල්ලකට අනුවය.
8 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවා සිය දෙමවුපියන්ට පාපොච්චාරණය කර තිබුණේ, මෙම පාසල් ගුරුවරිය ඇතැම් දිනවල රාත්‍රී 11.00ට පමණ නිවස අසලට පැමිණි විට තමන් ඇය සමග ගොස් පැය කිහිපයක් ගත කර යළි පැමිණෙන බවයි.
එමෙන්ම, මෙම ගුරුවරිය ඇගේ නිරුවත් ඡායාරූප තම ජංගම දුරකථනය වෙත එවූ බවත්, තමන්ට මත්ද්‍රව්‍ය ලබාදී ඒවා බීමට පෙළඹවූ බවත් ඔහු කියයි.
මෙම සබඳතාව වැඩි කලක් යාමට ගොස් පාසල් සිසුවාගේ මානසික තත්ත්වය ව්‍යාකූල කර ඇති අතර, ඔහු සිය දෙමවුපියන් සමග මෙය පාපොච්චාරණය කර ඇත්තේ ඉන් අනතුරුවය.
2015 වසරේදී ගිනි නිවන හමුදා භටයෙකු සමග විවාහ වී ඇති ගුරුවරියට දරුවන් නොමැති බව කියැවෙයි.
ඇය මෙම පාසල් සිසුවා සමග සබඳතාව ආරම්භ කර ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය. එමෙන්ම, මෙය ඇය සබඳතා පැවැත්වූ එකම දරුවාද නොවිය හැකි බවත් පොලීසිය විශ්වාස කරයි.
ඒ අනුව, මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති ගුරුවරිය පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුවන බව ෆ්ලොරීඩා පොලීසිය පවසයි.