කිතුණුවන් හා මුස්ලිම්වරුන් සහෝදර සහෝදරියන් - පාප් වහන්සේ


ක්‍රිස්තියානි හා මුස්ලිම් ජනතාව සහෝදර සහෝදරියන් බව මධ්‍යම අප්‍රිකානු ජනරජය වෙත සංචාරයක නිරත පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසා සිටිති.

මධ්‍යම අප්‍රිකනු ජනරජයේ මුස්ලිම් හා ක්‍රිස්තියනි ගැටුම් හේතුවෙන් අවතැන් වූවන් අමතමින් පාප් වහන්සේ මෙසේ පවසා ඇත.

පාප් වහන්සේගේ අප්‍රිකානු සංචාරයේ අතිශය අවදානම් සහගතම සංචාරය ලෙස මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මුස්ලිම් දේවස්ථානයක් වෙත සිදුකරන සංචාරය සැලකිණි.

එතුමන්ගේ අප්‍රිකානු සංචාරයේ අවසන් දේව මෙහෙය බැන්ගුයි හිදී පැවැත්වීමට නියමිතය.



Recommended Articles