12-15 දරුවන් එන්නත් කිරීම නිර්දේශ නොකිරීමට හේතුව


එන්නත්කරණයෙන් පසුව දුර්ලභව ඇතිවන හෘද ප්‍රදාහ තත්ත්වයන් තක්සේරු කරමින් පූර්වාරක්ෂක පියවරක් ලෙස දැනට වයස අවුරුදු 12  - 15 අතර නිරෝගී දරුවන් එන්නත් කිරීම නිර්දේශ නොකරන බව එක්සත් රාජධානියේ එන්නත් පිළිබඳ උපදේශකයන් පවසයි.

සාමාන්‍යයෙන් තත්ත්වය මෘදු වුවද ෆයිසර් එන්නත් මාත්‍රා ලබාදීමෙන් පසු තරුණ තරුණියන්ගේ හෘද ප්‍රදාහ තත්ත්වයන් වාර්තා වී ඇති බව ඔවුන් පවසයි.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ එන්නත හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කළේ කොවිඩ්-19 එන්නත ලබාගැනීමේ සුදුසුකම් කලින් පැවති තත්ත්වයට වඩා අවුරුදු 12 - 15 අතර වයස් මට්ටමේ නිධන්ගත රෝග ඇති දරුවන් වෙත නිර්දේශ කළත්, සෞඛ්‍ය සම්පන්න දරුවන් සඳහා එන්නත් කිරීමේ ප්‍රතිලාභ කුඩා විය හැකි බව අවධාරණය කරයි.



Recommended Articles