ඉන්දියාවේ චෙන්නායි නගරයේ වයස අවුරුදු 11ක දැරියක් සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියට ඉන්දීය ජාතිකයන් 17 දෙනෙකුට චෝදනා ගොනුවී තිබේ.
මෙම වසර ආරම්භයේ සිටම අවස්ථා ගණනාවකදී මෙම දැරිය දූෂණයට ලක්ව ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
දැරිය ජීවත්ව ඇති මහල් නිවාස සංකීර්ණයේ සෝපාන ක්‍රියාකකරු මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු බවද පොලීසිය කියයි.
එහිදී, මෙම දැරියට මත්ද්‍රව්‍යයක් ලබාදී ඇය රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති අතර, එම ක්‍රියාවට ඔහුගේ හිතමිතුරන්ද සහභාගී කරවාගෙන තිබේ.
ඒ අනුව, පසුගියදා මෙම සැකකරුවන් සියලු දෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන්ට එරෙහිව චෝදනා ගෙනු කෙරුණු අතර, එම මහල් නිවාස සංකීර්ණයෙන් ආරක්ෂකයන් පිරිසක්, විදුලි කාර්මිකයන් සහ ජලනල කාර්මිකයන්ද චූදිතයන් අතර වූහ.
ඉන්දියාව පසුගිය කාලය පුරා ස්ත්‍රී දූෂණ සිදුවීම් සම්බන්ධයෙන් විවිධ චෝදනාවන්ට ලක්වූ රාජ්‍යයක් වන අතර, විශේෂයෙන් සමූහ දූෂණයන් හා ළමා දූෂණයන් එරට තුළ දිගින් දිගටම වැඩිවෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
2012 වර්ෂයේදී දිල්ලි නගරයේදී වෛද්‍ය ශිෂ්‍යාවක බස් රථයක් තුළ සමූහ දූෂණයට ලක්කර මරාදැමීමේ සිද්ධියත් සමග මෙම අපරාධ රැල්ල සම්බන්ධයෙන් දැවැන්ත විරෝධාකල්පයක්ද ඉන්දීය සමාජයෙන්ම ඉස්මතු වෙමින් පවතී.