ෆේස්බුක් සමාජ ජාලය ප්‍රධාන වෙනස්කම් කිහිපයකට සැරසේ


ෆේස්බුක් සමාජජාල අඩවියේ යාවත්කාලීන තොරතුරු ගලාඑන නිවුස් ෆීඩ් තුළ ව්‍යාපාර, සන්නාම සහ විවිධ මාධ්‍ය සඳහා අවම ප්‍රමුඛතාවක් ලබාදෙමින් එහි වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට එම සමාගම සැරසෙයි.

ඒ වෙනුවට, පවුලේ ඥාතීන් හා මිතුරන් අතර වැඩි කතාබහක් ඇති කරන සිදුවීම් වෙත වැඩි නැඹුරුවක් ලබාදීමට ඔවුන් සූදානම් වන බව ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් පවසයි.

නිව්ස් ෆීඩ් හරහා පැමිණෙන ඇතැම් පෝස්ට් හේතුවෙන් ඔවුන්ගේ පොස්ට් සම්බන්ධයෙන්ද ජනප්‍රියත්වයේ අඩුවීමක් පිළිබඳව සමාගම සිදුකළ අධ්‍යයනයකට අනුව මෙම නව වෙනස්කම් ෆේස්බුක් සමාජජාලය වෙත හඳුන්වා දීමට ඔවුන් සූදානම් බව කියැවේ.

ඒ අනුව, මෙම වෙනස්කම් ඉදිරි සති කිහිපය තුළ දැකගැනීමට හැකිවනු ඇති බවද සකර්බර්ග් පවසයි.

ව්‍යාපාර, සන්නාම සහ මාධ්‍ය වෙතින් ලැබෙන යාවත්කාලීන තොරතුරු සහිත පෝස්ට් හේතුවෙන් ෆේස්බුක් තුළ වැඩි පිරිසක් සම්බන්ධ කරගැනීමට හැකි පෞද්ගලක පෝස්ට් සඳහා ඇති ඉඩ ඇහිරී ඇති බවට නිතර මැසිවිලි නැගෙන බව සකර්බර්ගග් වැඩිදුරටත් පවසයි.

ඔහු පවසන්නේ තමන්ට මෙන්ම තම කණ්ඩායමට ෆේස්බුක් මිනිසුන්ගේ යහපැවැත්ම සඳහා උදව් වූ මෙවලමක් බවට තහවුරු කරගැනීමේ වගකීමක් හැඟී ගිය බවයි. 

1_Facebook



Recommended Articles