ෆේස්බුක් බේරාගැනීමට අවි රැගත් යුද්ධයක් - සකර්බර්ග්


ෆේස්බුක් අඩවිය තුළින් අයුතු ප්‍රයෝජන ගැනීමට වෙර දරණ රුසියානුවන්ගෙන් එය බේරාගැනීම සඳහා තම කණ්ඩායම නිරන්තර සටනක නිරතව සිටින බව එහි ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් පවසා සිටියේය.

ඇමෙරිකාවේ සෙනට් සභාව ඉදිරියේ වාචික සාක්ෂියක් ලබාදෙමින් ඇමෙරිකාවේ ප්‍රමුඛතම තාක්ෂණික සමාගමේ ප්‍රධානියා මෙම අදහස් දැක්වීම සිදුකර ඇත.

මෙය අවිආයුධ යුද්ධයක් බවත්, ඔවුන් ක්‍රමක්‍රමයෙන් බලවත් වෙමින් සිටින බවත් සකර්බර්ග් පවසා තිබේ.

මේ අතර, 2016 ඇමෙරිකානු ජනපතිවරණයේ රුසියානු අතපෙවීම් සම්බන්ධයෙන් විශේෂ උපදේශකයෙකු ලෙස කටයුතු කරන රොබට් මුවෙලර් ෆේස්බුක් කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කර ඇති බවද හෙතෙම පවසා ඇත.

කෙසේ වෙතත්, ඔහුගේ ප්‍රශ්න විමසීමට සම්බන්ධ අය අතර තමන් නොසිටි බවද ෆේස්බුක් නිර්මාතෘවරයා කියා තිබේ.

කෙසේ වෙතත්, මෙම උපදේශකයා සමග සිදුකරන ඔවුන්ගේ කාර්යභාරය රහස්‍යභාවයෙන් යුතුව සිදුකරන බවත්, මෙම විවෘත වේදිකාවේ තමන් ඒ රහස්‍ය තොරතුරු හෙළි නොකිරීමට වගබලා ගන්නා බවත් සකර්බර්ග් පවසා ඇත.

මේ අතර, සෙනට් මණ්ඩලය ඉදිරියේ ප්‍රශ්න කිරීමට ලක්වූ ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් අවස්ථා කිහිපයකදීම එම මේසය මත වූ වතුර වීදුරුව පානය කළ බවත්, ඔහු යම් තිගැස්මකින් පිළිතුරු ලබාදුන් බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

1_Zukergurg



Recommended Articles