ෆේස්බුක් නිසා නිවසකට පැමිණි හොරෙක් කොටුවෙලා


ඇමෙරිකාවේ, මින්සෝටා ප්‍රාන්තයේ නිවසක් වෙත ඇතුළු වූ හොරෙක් තමා පැමිණි සොරකම පසෙකලා නිවෙස් හිමියාගේ පරිගණකයෙන් සිය ෆේස්බුක් ගිණුම පිරික්සීම හේතුවෙන් පොලීසියට කොටු වූ විශේෂ සිදුවීමක් වාර්තා වෙයි.

හොර රහසේ නිවෙසට ඇතුළු වූ මේ තැනැත්තා නිවෙස් හිමියාගේ අත්ඔරලෝසුවක් හා වෙනත් භාණ්ඩ කිහිපයක් සොරා ගන්නා අතරතුර මේ ආකාරයෙන් තම ෆේස්බුක් ගිණුම පිරික්සීමටද කටයුතු කර තිබේ.

නමුත්, සොරකම කිරීමෙන් අනතුරුව නැවත නිවසෙන් පිටව යද්දී තමාගේ ෆේස්බුක් ගිණුමෙන් ඉවත්ව යෑමට ඔහුට අමතකව යෑමෙන් මේ සොරකම වඩාත් පහසුවෙන් කොටුකර ගැනීමට පොලීසියට හැකිවී තිබේ.

අනතුරුව ෆේස්බුක් ගිණුමේ සිටි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇති අතර, ඔහු තම වරද පිළිගෙන තිබේ.

අවසානයේ ෆේස්බුක් නිසා හොරාට වසර 10ක සිර දඬුවමක් පහසුවෙන්ම හිමිවීමට ඉඩ ඇති බව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.

 



Recommended Articles