ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපටය අනුකරණය කරමින් සුපිරි මෝටර් රථ දෙකක් අධික වේගයකින් ධාවනය කරමින් චීනයේ බීජිං අගනුවරදී දැවැන්ත අනතුරකට පත් තරුණයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
20 හැවිරිදි මුචවුන් හා 21 හැවිරිදි වෙන්ටියාන් මෙම අනතුරට පත්ව ඇති අතර, තුවාල ලබා රෝහල්ගතව සිටියත්, මෙම අනතුර හේතුවෙන් ඔවුන්ට වසර හතරහමාර බැගින් සිරදඬුවම් හා ඇ.ඩො.2,900 බැගින් දඩයක්ද නියම කර තිබේ.
ඔවුන් දෙදෙනා ෆෙරාරි හා ලැම්බොගිනි රථ දෙකකින් මෙම චිත්‍රපට අනුකරණය සිදුකර ඇත්තේ බීජිං හි උමං මාර්ගයක් තුළදීය.
මෙම ලැම්බොගිනි රථයේ ගමන් කළ තරුණියකද මෙම අනතුරින් තුවාල ලබා ඇති අතර, මෝටර් රථවලට බරපතල හානි සිදුව තිබේ.