ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාප් පදවියේ වසරක් සපුරයි


පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාප් පදවියට පත්ව ප්‍රථම වසර සම්පූර්ණ කරන බව වතිකානුව නිවේදනය කරයි.

ආර්ජන්ටිනාවේ උපත ලැබූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙතෙක් පාප් පදවිය දැරූ පාප් වහන්සේලා අතර වඩාත් ජනප්‍රියත්වයක් උසුලන තැනැත්තා බව ඉතාලියේ සමීක්ෂණ වර්තාවක් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් රෝමයේ සිටින බී.බී.සී. වාර්තාකාර ඩේවිඩ් විලී පවසන්නේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පාප් පදවිය විලාසයේ වෙනසක් හැර, තත්ත්වාකාරයේ වෙනසක් සිදුකර නොමැති බවයි.

පාප් පදවියට පත් ප්‍රථම ලතින් ඇමෙරිකානු ජාතිකයා ෆ්‍රැන්සිස් පාප් වහන්සේය.

කෙසේ වෙතත්, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාප් පදවියට පත්වීමෙන් පසුව රෝමය වෙත වන්දනාවේ යන පිරිස්වල සැලකිය යුතු වැඩිවීමක් ඇතිවී තිබෙන බවද කියැවෙයි.

සමාජ ජාල වෙබ් අඩවිවල විශේෂයෙන් කතාබහ කෙරෙන චරිතයක් බවට පත්ව ඇති ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, ට්විටර් අඩවිය හරහා භාෂා නවයකින් මිලියන 11ක ජනතාවක් හඹා යන බව කියැවේ.



Recommended Articles