ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ගුවන් තොටුපොළේ වෙඩි තැබීමක් සිදුකළ පුද්ගලයාට එරෙහිව චෝදනා ගොනු කිරීමට එරට අභිචෝකයන් කටයුතු කර තිබේ.
එස්ටෙබෑන් සැන්ටියාගෝ නමැති 26 හැවිරිදි මොහු ෆෝර්ට් ලවුඩර්ඩේල් ගුවන් තොටුපොළ වෙත පසුගියදා ප්‍රහාරයක් එල්ල කළ අතර, එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 6 ටෙදනෙකු තුවාල ලැබීය.
ජාත්‍යන්තර ගුවන් තොටුපොළකදී ප්‍රචණ්ඩත්වය වැපිරීමේ චෝදනා ඔහුට එරෙහිව එල්ල වූ අතර, මෙමගින් ඔහු වෙත උපරිම දඬුවම් පැමිණවෙනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
තමන් මෙම ප්‍රහාරය සැලසුම් කළ බව ඔහු පසුව පිළිගෙන තිබුණත්, මෙවැනි ඉලක්කයක් තෝරාගත්තේ කුමක් හේතුවෙන්ද යන්න තමා නොදන්නා බවත්, මෙය ත්‍රස්ත ප්‍රහාරයක් නොවත බවත් ඔහු පවසා තිබේ.
මොහු එරට හමුදාවේද සේවය කළ අයෙකු වන අතර, ඉරාක මෙහෙයුම්වලටද සහභාගී වූ නිලධාරියෙකු බව විදෙස් වාර්තා පවසයි.