ෆ්ලොරීඩාවේ ගිනි අවියක් මිලදී ගැනීමේ වයස් සීමාව වයස අවුරුදු 18 සිට 21 දක්වා ඉහළ දැමීම සඳහා වූ පනතකට ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමිව තිබේ.
එමෙන්ම, ගිනි අවියක් මිලදී ගැනීමේදී දින තුනක කාලයක් පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමටද එය මිලදී ගන්නා තැනැත්තාට හෝ තැනැත්තියට සිදුවනු ඇත.
මෙය ෆ්ලොරිඩාවේ උසස් පාසලක පසුගියදා සිදුවූ සමූහ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව එරට ගිනි අවි පාලනය සම්බන්ධයෙන් ගැනුණු නවතම ක්‍රියාමාර්ගයක් විය.
ඒ අනුව, සෙනට් මණ්ඩල අනුමැතිය දැනටමත් ලැබී ඇති මෙම පනත් කෙටුම්පත සඳහා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය සඳහා යොමුව තිබේ.
පසුගිය පෙබරවාරි 14 වැනිදා පාර්ක්ලන්ඩ් හි මාර්ජෝරි ස්ටෝන්මෑන් ඩග්ලස් උසස් පාසලේ සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.