ෆ්ලොරිඩා වෙඩි තැබීම ගැන ට්‍රම්ප්ගෙන් FBIවෙත චෝදනා


ෆ්ලොරිඩා වෙඩි තැබීමේ සිදුවීමේදී සැකකරු සම්බන්ධයෙන් FBI ආයතනය සිය වගකීම පැහැර හැර ඇති බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, "ඔවුන් පසුගිය ජනාධිපතිවරණ සමයේ ට්‍රම්ප් හා රුසියාව අතර කුමන්ත්‍රණයක් ගැන තොරතුරු හාරාවුස්සමින් කාලය විඩංගු කරනවා. කිසිදු කුමන්ත්‍රණයක් නෑ. තමන්ට පැවරුණු රාජකාරිය කරන්න. අප සැමට ආඩම්බරයක් ඇති වන ආකාරයට ක්‍රියා කරන්න" යනුවෙනි.

ෆ්ලොරිඩා වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධ සැකකාර නිකොලාස් ක්‍රස් සම්බන්ධයෙන් FBI ආයතනයට මීට පෙර තොරතුරු ලැබී තිබුණත්, ඔහු සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට ඔවුන් අසමත්ව තිබුණි.

ඔහු පාර්ක්ලන්ඩ් හි උසස් පාසලේදී පසුගියදා සිදුකළ වෙඩි තැබීමෙන් එහි ඉගෙනුම ලබන දරුවන් 17 දෙනෙකුට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.

1_Florida



Recommended Articles