ළමා මනාලියන් සමග එක්වීම ස්ත්‍රී දූෂණයක් - අධිකරණය


ඉන්දීය ජාතිකයෙකු බාල වයස්කාර දැරියක සමග විවාහ වුවත්, එම දැරිය සමග ඔහු ලිංගික ඇසුරක් පවත්වන්නේ නම් එය ස්ත්‍රී දූෂණයක් ලෙස සලකා එම පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ නීති බලාත්මක කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබේ.

මෙම තීන්දුව ඉන්දියාව තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයකට බඳුන්වී ඇති බාලවයස්කාර විවාහ සම්බන්ධයෙන් ලැබුණු ඓතිහාසික තීන්දුවක් බව විශ්ලේෂකයෝ පවසති.

මෙම නව නීතියට අනුව සිය අභිමතයෙන් තොරව යම් පුරුෂයෙකු විවාහක දැරියක සමග ලිංගිකව එක්වන්නේ නම්, ඒ පිළිබඳ පැමිණිලි කිරීමේ හා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය එම දැරියට හිමිවෙයි.

ඉන්දියාව තුළ සිය අභිමතය පරිදි ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමට සහ විවාහ වීමට කාන්තාවකට නීතියෙන් අවසර හිමිවන්නේ වයස අවුරුදු 18 ඉක්මවීමෙන් පසුවය.

1_Indian Marrige



Recommended Articles