පාකිස්තානයේ කසූර් නගරයේ දිගින් දිගටම සිදුවූ ළමා මරණ සම්බන්ධයෙන් සිදුවූ උද්ඝෝෂණවලදී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වයස අවුරුදු හතක සායිනාබ්ගේ සිරුරු කුණු බැරලයක තිබී හමුවීව මෙම සිදුවීම් ජාලයේ නවත සිදුවීම විය.
පැහැර ගැනුණු මෙම කුඩා දැරිය ලිංගික අපයෝජනයකට ලක්කිරීමෙන් පසුව මරා දමා ඇති බව මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබුණි.
මෙම මරණ සම්බන්ධයෙන් බලධාරීන් මුනිවත රකින බවත්, ඔවුන් දරුවන් අමානුෂික ලෙස ඝාතනය කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවත් පවසමින් මෙම උද්ඝෝෂණ පවත්වා තිබුණි.
කසූර් නගරයේ පොලිස් මූලස්ථානය වෙත ප්‍රකෝප වූ ජනතාව කඩා වැදීමට ගත් උත්සාහයේදී සිදුවූ වෙඩි තැබීමකින් පෙර කී පුද්ගලයන් දෙදෙනා ඝාතනය වී තිබුණි.