ළමා අපචාරයන් වසන් කළ නායක බිෂොප්වරයාට දඬුවම්


ළමා අපචාර සිදුවීම් සිතාමතා වසන් කිරීමේ චෝදනා ලැබූ ඔස්ට්‍රේලියානු ජාතික නායක බිෂොප්වරයෙකු (අග්‍ර රාජගුරු ප්‍රසාදීන්වරයෙකු) එරට අධිකරණය විසින් වැරදිකරු කර තිබේ.

ෆිලිප් විල්සන් නමැති ඔහු, ඇඩිලේඩ් හි නායක බිෂොප්වරයා වන අතර, මෙවැනි වරදක් වෙනුවෙන් චෝදනා ලැබූ සහ දඬුවම් නියම වූ ලොව සිටින ජ්‍යෙෂ්ඨතම කතෝලික පූජකවරයා බවටද මේ සමග ඔහු පත්වනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

වර්ෂ 1970 දී අල්තාරයේ රැඳෙන පිරිමි දරුවන් අපචාරයට යොදාගත් නිව් සවුත් වේල්ස්හි ජේම්ස් ෆ්ලෙචර් නමැති කතෝලික පූජකවරයෙකුගේ එම ක්‍රියාකලාපයන් වසන් කිරීමට මොහු කටයුතු කර ඇති බව නඩු විභාගයේදී හෙළි වී ඇත.

මෙසේ අපචාරයට ලක්වූයේ යැයි කියන දරුවන් දෙදෙනා තමන්ට ඒ බව සැලකළ බවට තමන්ට කිසිදු මතකයක් නොමැති යැයි නිව්කාස්ට්ල් අධිකරණයේදී නඩුව විභාගයට ගැනෙන විට නායක බිෂොප්වරයා පවසා තිබේ.

එමෙන්ම, ජේම්ස් ෆ්ලෙචර් ජවකරයා විසින් මෙවැනි ළමා අපචාරයක් සිදුකළේද යන්න පිළිබඳව තමන් කිසිවක් නොදැන සිටි බවද ඔහු අධිකරණය හමුවේ පවසා ඇති අතර, එවකට ඔහු එම අපචාරය සිදුවූ දේවස්ථානයේ සහකාර පූජකවරයෙකු ලෙස කටයුතු කරමින් සිට ඇති බව අනාවරණය විය.

කෙසේ වෙතත්, ජේම්ස් ෆ්ලෙචර් නැමති පූජකවරයා 2004 වසරේදී ළමා අපචාර සිදුවීම් 09කට වරදකරු වෙමින් බන්ධනාගාරගත කෙරුණු අතර, 2006 වසරේදී ඔහු බන්ධනාගාරය තුළදීම ජීවිතක්ෂයට පත්විය.

මෙම ළමා අපචාරයන්ට ගොදුරු වූ පිරිමි දරුවෙකු වූ එවකට 15 හැවිරිදි පීටර් ක්‍රෙයි, ඉන් වසර පහකට පසුව මෙම සිදුවීමේ සියලු තොරතුරු මෙම නායක බිෂොප්වරයාට පවසා ඇත.

නමුත්, අද මේ කිසිවක් තමන්ට අමතක යැයි නායක බිෂොප්වරයා විසින් සිදුකරන ප්‍රකාශය අධිකරණයේ විනිසුරු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එහිදී, අපචාරයට ගොදුරු වූ දරුවාගේ ප්‍රකාශය ඉතා වැදගත් සාක්ෂියක් බව පෙන්වා දුන් විනිසුරුවරයා පවසා ඇත්තේ තමන් ඉතා වැදගත් තොරතුරක් අනාවරණය කරගත් බව දැන දැනත්, නායක බිෂොප්වරයා පල්ලිය සහ එහි ගරුත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම ළමා අපචාර සිදුවීම් සිතාමතා වසන් කර ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම නායක බිෂොප්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් තම සේවාදායකයා ඇල්ෂයිමිර් නමැති අකාලයේ කායික හා මානසික ක්‍රියාකාරීත්වය පිරිහී යාමේ රෝගයෙන් පීඩාවිඳින බව පවසමින් මෙම නඩු විභාගය අවස්ථා හතරකදී ඉවත දැමීමට උත්සාහ කර ඇති බවද කියැවේ.

අවසානයේදී මෙම නඩු තීන්දුවත් සමග ලබන ජුනි මාසයේ සිට ෆිලිප් විල්සන් නායක බිෂොප්වරයා උපරිම වසර දෙකක සිර දඬුවමකට යටත්වනු ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

1_Bisop



Recommended Articles