හොස්නි මුබාරක්ට නිදහස


හිටපු ඊජිප්තු ජනපති හොස්නි මුබාරක් මහතා අද (24දා) රෝහල් අඩස්සියෙන්ද නිදහස ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඒ අතර කයිරෝ නුවර ඔහු රඳවා සිටි ආරක්ෂක රෝහලෙන් නිදහස ලබා සිය නිවෙස වෙත ගමන් කළ බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

2011 වසරේදි ඊජිප්තුවේ පැවැති විරෝධතාවකට ප්‍රහාර එල්ල කර විරෝධතාකරුවන් ඝාතනය කළ බවට හොස්නි මුබාරක්ට චෝදනා ගොනු තිබුණි. කෙසේ වෙතත් එම චෝදනාවලින් ඔහු නිදහස් කරනු ලැබිය.

1981  වසරේදී ඔහු ඊජිප්තු ජනපතිවරයා ලෙස පත්විය. 

 



Recommended Articles