යේමනයේ ෂියා ඉස්ලාමීය හොයුති කැරලිකරුවන්ගේ ආක්‍රමණයත් සමග එරට ආඩෙන් නගරයේ සෞදි සහ වෙනත් රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් ඉවත් කරගත් බව විදෙස් මාධ්‍ය පවසයි.
එමෙන්ම, සෞදි අරාබියාවේ මූලිකත්වයෙන් මේ වනවිට හොයුති කැරලිකරුවන්ට එරෙහි ගුවන් මෙහෙයුමක් ක්‍රියාත්මක අතර, එරට නාවික හමුදාවේ මූලිකත්වයෙන් ටෝනාඩෝ නමින් තවත් විශේෂ මෙහෙයුමක්ද දියත් කර තිබේ.
පසුගිය දින කිහිපය පුරා ඉරානයේ සහාය ඇතිව ගුවන් ප්‍රහාර එල්ල කළත්, මේ දක්වා ඉදිරියට ඇදෙන හොයුති කැරලිකරුවන් පසුබැස්සවීමට සෞදියට නොහැකි වී තිබේ.
මීට දින කිහිපයකට පෙර යේමන නායකයාද රටින් ඉවත්ව ගිය අතර ඔහු පසුගියදා ඊජිප්තුවේ පැවති අරාබි ලීගයටද සහභාගි විය.