හොංකොං රාජ්‍යයේ රජයේ ගොඩනැගිලි ආශ්‍රිතව ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂකයන් සිදුකරනු ලබන විරෝධතා ව්‍යාපාරයට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
දහස් ගණනකගේ සහභාගීත්වයෙන් මෙම උද්ඝෝෂණය පසුගිය සතිය පුරා සිදුවූ අතර, එහි උච්චතම අවස්ථාව සමග පොලීසිය ජනතාව විසුරුවා හැරීම සඳහා මෙසේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙහිදී, විරෝධතාකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවටද පත්වුවත්, තවත් සිය ගණනක පිරිසක් තවමත් නගර මධ්‍යයේ රැඳී සිටින බව කියැවෙයි.
චීන අනුග්‍රහය යටතේ පැවැත්වෙන මැතිවරණයට විරෝධය පෑමට මෙහිදී විරෝධතාකරුවන් කටයුතු කළත්, හොංකොං ප්‍රධාන විධායකවරයා පවසන්නේ විරෝධතාවන් නීති විරෝධී බවයි.