හොංකොං පොලීසිය හා විරෝධතාකරුවන් ගැටෙයි


හොංකොං පොලීසිය හා ප්‍රජාතාන්ත්‍රවාදී විරෝධතාකරුවන් අතර මොංකොං දිස්ත්‍රික්කයේ ගැටුමක් ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.

විරෝධතාකරුවන් විසින් පොලිස් බැරැක්ක කඩා දැමීමට උත්සාහ කිරීමත් සමග ගැටුම් ඇති වී තිබුණත්, දෙපාර්ශ්වයටම බරපතල හානි නැති බවද එම වාර්තා පවසයි.

එළැඹෙන 2017 මැතිවරණයේදී හොංකොං නායකත්වයට තමන්ට ස්වාධීනව නායකයෙකු පත්කර ගැනීමට චීනය විසින් අවස්ථාවක් ලබා නොදී ඔවුන්ගේ අයිතිවාසිකම් සීමා කිරීමට එරෙහිව මෙම ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ ආරම්භ වී තිබේ.

කෙසේ වෙතත්, පොලීසිය සමග ඇතිවූ ගැටුම්වලදී විරෝධතාකරුවන්ගේ මෙන්ම රජයේ පාර්ශ්වයෙන්ම දෙපාර්ශ්වයටම තත්ත්වය පාලනය කරගන්නා ලෙස ඉල්ලීම් ලැබී ඇති අතර, අඟහරුවාදා දිනයේ සාකච්ඡා ඇරඹෙන බවද පවසා තිබේ.

මෙම විරෝධතාවන්ට එක්ව ඇති පිරිසෙන් වැඩි දෙනා විශ්වවිද්‍යාල සිසුන් වන අතර, ඔවුන් හොංකොං වර්තමාන නායක සී.වයි. ලියන්ග් වෙතද චෝදනා කරමින් ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ ඔඩොක්කුවට වැටී ඇති බව පවසයි.



Recommended Articles