හොංකොං නායකයාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ


හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාකරුවන් විසින්  එරට ප්‍රධාන විධායක සී.වයි. ලියුන්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවක් පවත්වමින්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඔහු තබා ඇති පියවර විවේචනයට ලක්කර තිබේ.

එහිදී, දුගී ජනතාවට වැඩි දේශපාලන බලපෑමක් එල්ල කිරීමේ අවස්ථාව ලබානොදිය යුතු බවට ඔහු විසින් කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද විරෝධතාකරුවන් විවේචන ඉදිරිපත් කර තිබේ.

එරට ප්‍රධාන මාර්ග කිහිපයක් අවහිර කරමින් දැනට සති තුනකට අධික කාලයක සිට මෙම විරෝධතාකරුවන් හොංකොං වීදි ආක්‍රමණය කර සිටින අතර, ප්‍රථම වරට ඊයේ (22දා) රජය හා විරෝධතාකරුවන් අතර සාකච්ඡා පැවැත්විණි.

කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවල ප්‍රථම වටය එතරම් ඵලදායී මට්ටමකින් අවසන් නොවූ බව වාර්තා වෙයි.

 



Recommended Articles