හොංකොං ප්‍රධාන විධායක සී.වයි.ලියුන්ග් ධුරයෙන් ඉල්ලා අස්නොවුණහොත් තමන්ගේ විරෝධතාව අඛණ්ඩව සිදුකරන බව ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාකරුවෝ අවධාරණය කරති.
හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ ශිෂ්‍ය කඳවුම්කරු ලෙස්ටර් ෂම් පවසන්නේ එළැඹෙන බ්‍රහස්පතින්දා වනවිට ප්‍රධාන විධායක ඉල්ලා අස්වී නොතිබුණහොත් විරෝධතාව රජයේ ගොඩනැගිලි දක්වා ගෙනයන බවයි.
2017 වසරේ නායකත්ව මැතිවරණය චීනයේ අතපෙවීම මත සිදුවීම නැවැත්විය යුතු බව අවධාරණය කරන විරෝධතාකරුවන්, වත්මන් ප්‍රධාන විධායක චීනයේ රූකඩයක් බවද පවසයි.
චීනයේ 65 වැනි නිදහස් දිනය පැවති අද දිනයේදීද විරෝධතා පැවති අතර, හොංකොං මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය විරෝධතාකරුවන්ගෙන් පිරී තිබුණි.