මාස දෙකකට අධික කාලයක් හොංකොං හි පැවති උද්ඝෝෂණ නිමාවට පත්කිරීමේ අටියෙන් එරට ආරක්ෂක අංශ උද්ඝෝෂකයන්ගේ කඳවුරු බලහත්කාරයෙන් ඉවත් කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
එහිදී, පොලීසිය විසින් බොහෝ කඳවුරු ඉවත් කළ අතර, ඒවායේ රැඳී සිටියවුන්ද ඔසවාගෙන යන ආකාරය කැමරා කාචවල සටහන්ව තිබුණි.
කෙසේ වෙතත් රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් පවසන්නේ පොලීසිය කවර ක්‍රියාමාර්ගයක් ගත්තද, තමන් දිගින් දිගටම උද්ඝෝෂණයේ නිරත වන බවයි.
අද ආරම්භ වූ පොලිස් මෙහෙයුම් මෙතෙක් පැවති මෙහෙයුම්වලට වඩා කඩිනම් කර තිබූ අතර, එය උද්ඝෝෂණ නැවැත්වීමේ අරමුණින් ගනු ලැබූ අවසන් ක්‍රියාමාර්ගයක ස්වරූපය ඉසිලූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.