හොංකොං උද්ඝෝෂකයන් හා පොලීසිය ගැටේ


හොංකොං උද්ඝෝෂකයන් හා පොලීසිය අතර දරුණු ගැටුම් ඊයේ රාත්‍රී ඇති වූ බව විදෙස් පුවත් සේවා පවසයි.

එහිදී, ගම්මිරිස් විදිනයන්, බැටන් පොළු හා ජල බවුසර්වලින් සන්නද්ධව සිටි පොලීසිය හා උද්ඝෝෂකයන් අතර ගැටුම් උත්සන්න වූ ප්‍රදේශ ලෙස ඇඩ්මයර්ල්ටි දිස්ත්‍රික්කයේ, ලන්ග් වූ මාර්ගය හඳුනාගෙන තිබුණි.

මාස දෙකක් පුරා පැවති ගැටුම් වඩාත් උත්සන්න වූ අවස්ථාවක් ලෙස ඊයේ ගැටුම්කාරී තත්ත්වය හඳුනා ගෙන තිබුණි.

2017 වසරේ පැවැත්වෙන මැතිවරණයේදී චීන බලපෑමකින් තොරව හොංකොං ජනතාවට තම නායකයා තෝරා ගැනීමේ අයිතිය ලබාදීම මෙම උද්ඝෝෂණයන්ගේ අරමුණ විය.



Recommended Articles