හොංකොං හි උද්ඝෝෂණයන්ගේ නිරතවන සිසුන් සමග නව සාකච්ඡා වාරයකට සූදානම් බව එරට ප්‍රධාන විධායකවරයා පවසයි.
එරට රජයේ ගොඩනැගිලි ආසන්නයේ ප්‍රධාන මහා මාර්ගයක දෙවැනි දිනයටත් පොලීසිය හා විරෝධතාකරුවන් අතර දරුණු ගැටුම් ඇතිවීමෙන් පසුව සී.වයි. ලියන්ග් මෙසේ පවසා තිබේ.
ඔහු පවසා ඇත්තේ අතරමැදියන් මාර්ගයෙන් රජය සිසුන් සමග සාකච්ඡා මේ වනවිටත් අරඹා ඇති බවයි.
2017 වසරේ පැවැත්වෙන මැතිවරණයේදී එරට නායකයා තෝරාගැනීම වෙනුවෙන් චීනය දක්වන මැදිහත්වීම්වලට විරෝධය පාමින් මෙම උද්ඝෝෂණ ක්‍රියාත්මක විය.