වර්ෂ 1945 දී ඇමෙරිකාව විසින් හිරෝෂීමාව වෙත එල්ල කෙරුණු පරමාණු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනපති බරැක් ඔබාමා සමාව ඉල්ලීමක් නොකරන බව ධවල මන්දිරය පවසයි.
ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා ජපානයේ හිරෝෂීමා නගරය වෙත ඓතිහාසික සංචාරයකට සැරසෙන අතර, බලයේ සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු එම බෝම්බ ප්‍රහාරයෙන් පසුව හිරෝෂිමා වෙත යන ප්‍රථම අවස්ථාව මෙයයි.
එදා හිරෝෂිමාව වෙත එල්ල කෙරුණු ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරයෙන් ජපාන වැසියන් 140,000ක් ජීවිතක්ෂයට පත්වූ අතර, ඒ හා සමගාමීව නාගසාකි වෙතද තවත් පරමාණු බෝම්බයක් එල්ල කෙරිණි.
එහිදී, මෙම බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකාව සමාය අයැදීමක් කිසිසේත්ම සිදුනොකරන බව ධවල මන්ධිරය අවධාරණය කරයි.