හිමාල ඛේදවාචකයෙන් පසු කඳු නැගීමේ නීති දැඩි වෙයි


නේපාලයේ හිමාල කඳුකරය ආශ්‍රිත හිම කුණාටු හා හිම කඩා වැටීම් හේතුවෙන් පසුගිය සතියේදී සිදුවූ ඛේදවාචකය සමග කඳු නගින්නන් හා සහායකයන් වෙනුවෙන් දැඩි නීති හඳුන්වා දීමට නේපාල බලධාරීහු සැරසෙති.

ඒ අනුව, කඳු තරණය කිරීමට පෙර සියලු දෙසා අන්නපූර්ණ හිදී ලියාපදිංචි වීම අනිවාර්යය බව පැවසෙයි.

එමෙන්ම, කඳු නැගීමේදී පෙරමුණ ගැනීම පළපුරුදු කඳු නගින්නෙකු විසින් දැරිය යුතු වීමද මේ නීති අතර වෙයි.

පසුගිය සතියේදී සිදුවූ අයහපත්  ඛේදවාචකයෙන් පුද්ගලයන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එය නේපාල ඉතිහාසයේ කඳු නැගීම් ආශ්‍රිත දරුණුතම ඛේදවාචකය ලෙස සැලකෙයි.



Recommended Articles