හිමාලය වෙත පිවිසෙන නේපාලයේ ප්රධාන පිවිසුම් මාර්ගයක හිම කුණාටු හා හිම කඩා වැටීම් නිසා සිදුවූ ඛේදවාචකයේ මරණ සංඛයාව 32 දක්වා ඉහළ ගොස් ඇති බව එරටින් වාර්තා වෙයි.
මෙම සිදුවීමෙන් දින හතරකට පසුවත් මුදාගැනීමේ කණ්ඩායම් සහන සේවාවල නිරතව සිටින්නේ අතුරුදන් වූ පුද්ගලයන් සොයා ගැනීම සඳහාය.
කෙසේ වෙතත්, ඔවුන් පවසන්නේ මියගිය පිරිස මීට වඩා බොහෝ වැඩිවිය හැකි බවයි. තවත් පිරිස් හිමවලට යටවී සිටින්නට හැකි බව ඔවුන් විශ්වාස කරයි.
නේපාල ආරක්ෂක අංශ ප්රධානත්වයෙන් සිදුකළ මෙහෙයුමේදී පුද්ගලයන් 282 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට හැකි වී ඇති අතර, මෙය හිමාලය ආශ්රිත කඳු නැගීම්වලදී එදාමෙදා තුර සිදුවූ වඩාත් දරුණුතම ඛේදවාචකයක් ලෙස සැලකෙයි.