මධ්‍යම නේපාලයේ හිමාලය කඳුකරයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 20කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 70ක් පමණ අතුරුදන්ව ඇති බව විශ්වාස කෙරෙයි.
ඊයේ වනවිට මළ සිරුරු 9ක් සොයා ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට හැකියාව ලැබී තිබේ.
එනමුදු, මියගිය පිරිස මීට වඩා බොහෝ වැඩිවිය හැකි බවත්, තවත් කඳු නගින්නන් විශාල පිරිසක් සම්බන්ධ කරගැනීමට නොහැකි බවත් වාර්තා වෙයි.
අන්නාපූර්ණ ආශ්‍රිතව සිදුවූ හිම කුණාටු හා කඳු කඩාවැටීම් සමග මෙම අනතුර සිදුව ඇති අතර, මියගිය පිරිසේ විදෙස් කඳු නගින්නන් විශාල පිරිසක්ද සිටින බව කියයි.
මෙම අන්නාපූර්ණ මාර්ගය විදෙස් කඳු නගින්නන් අතර වඩාත් ප්‍රචලිත මාර්ගයක් ලෙස සැලකෙන අතර, සෝදිසි මෙහෙයුම් වෙනුවෙන් හමුදාව යොදාවා ඇති බව කියයි.
කෙසේ වෙතත්, හමුදාවේ මැදිහත්වීමෙන් විශාල පිරිසකගේ දිවි බේරාගැනීමට හැකියාව ලැබී ඇති බවද වාර්තා වෙයි.