හින්දු අන්තවාදීන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හාදු දෙයි


අවන්හල් තුළ අනුරාගී ලෙස හැසිරෙන පිරිස්වලට එරෙහිව ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කිරීමට ඉන්දීයාවේ හින්දු අන්තවාදීන් පිරිසක් ක්‍රියාකිරීමත් සමග ප්‍රසිද්ධියේ එකිනෙකා සිප ගනිමින් විරෝධාතාවක් පවත්වා ඇති බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.

ඉන්දියාවේ කොචින් වෙරළට රැස් වී අත්වැල් බැඳ ගෙන ප්‍රසිද්ධියේ සිප ගනිමින් පැවැත්වූ මෙම විරෝධතාව වළකාලීමේ අරමුණින් ඉන්දීය පොලිසිය පුද්ගලයන් 30ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.

මෙම විරෝධතාව සංවිධානය කර ඇත්තේ පසුගිය දිනෙක හින්දු අන්තවාදීන් විසින් අවන්හලක මෙහෙයුමක් දියත් කර අනුරාගය දනවන අයුරින් හැසිරෙන පුරුෂයන් හා කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කිරීමෙන් අනතුරුවය.

මේ සඳහා මැදිහත් වීමට ඉන්දීය මහාධිකරණය ප්‍රතික්ෂේප කර ඇති නමුත් නීතිය හා සාමය රැකීම සඳහා මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බව ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියා පවසා ඇත.



Recommended Articles