හිට්ලර් ඝණ්ඨාරය ඉවත් නොකිරීමට ඡන්දයක් ලැබිලා


ඇඩොල්ෆ් හිට්ලර් සන්නම යෙදූ පල්ලියක තැන්පත්ව ඇති විවාදයට තුඩුදුන් දැවැන්ත ඝණ්ඨාරයක් ඉවත් කිරීම පිළිබඳව ජර්මානියේ ගම්මානයක ඡන්ද විමසීමක් පැවැත්වෙයි.

නාසි යුගයේ නිර්මාණය වූ මෙම ලෝකඩ ඝණ්ඪාරය ජාතියේ අඳුරු යුගයක් සිහිපත් කරන්නක් බැවින් එය ගලවා ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත්, මේ වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේදී 10 ට 3ක් ලෙස ඝණ්ඪාරය එය පවතින ප්‍රොතෙස්තන්ත්‍ර පල්ලියෙන් ඉවත් නොකිරීමට ඡන්දය ලැබුණු අතර, බොහෝ දෙනා පවසා තිබුණේ තමන්ගේ දරුවන් මේ ඝණ්ඪාර කුලුණ යටදී බෞතීස්ම වූ බවයි. තවත් අය විවාහ දිවියට එළඹ තිබුණේ මේ ආසන්නයේදීය.

වර්ෂ 1934 සිට එම පල්ලියේ එල්ලෙමින් ගිගුම් දෙන මෙම ඝණ්ඪාරය සංහිඳියාවට මෙන්ම, ප්‍රචණ්ඩත්වයට හා අයුක්තියට එරෙහි ස්මාරකයක් බව එම පළාත් කවුන්සිලය අවධාරණය කරයි.

1_mediaitem100198782



Recommended Articles