හිටපු පාකිස්තාන අගමැති අත්අඩංගුවට ගැනීමට යයි


පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් අත්අඩංගුවට ගැනීමට පාකිස්තාන අධිකරණයක් වරෙන්තු නිකුත් කර තිබේ.

අගමැතිවරයාට එරෙහිව විභාගයට ලක්වන දූෂණ නඩු දෙකක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අගමැතිවරයාට වරෙන්තු නිකුත් කර ඇත.

කෙසේ වෙතත්, මෙම වරෙන්තු අගමැතිවරයාට ඇප ලබාගැනීමට හැකි මට්ටමේ ඒවා බව නීතීඥයෝ පවසති.

ලන්ඩන් නගරයේ පිහිටියේ යැයි කියන ඔවුන්ගේ අයිතිය සහිත දේපොළක් පාදක කර ගනිමින් හිටපු අගමැතිවරයාගේ දියණිය වන මාර්යාම් නවාෂ් සහ බෑණනුවන් වන මොහොමඩ් සෆ්දාර්ට එරෙහිවද දූෂණ චෝදනා යටතේ නැඩු පැවරී ඇත.

කෙසේ වෙතත්, තමන්ට එරෙහිව එල්ල වී ඇති සියලු චෝදනා මෙම සැකකරුවන් තිදෙනා විසින්ම තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

Sharif attends the closing session of 18th SAARC summit in Kathmandu



Recommended Articles