ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රාන්තයේ හිටපු නායක කාර්ල්ස් පුයිග්ඩෙමොන්ට් යුරෝපා වරෙන්තුවක් යටතේ ජර්මනියේදී අත්අඩංගුවට පත්ව තිබේ.
ඩෙන්මාර්කයේ සිට බෙල්ජියම දක්වා ගමන් කරමින් සිටියදී ඔහු මෙසේ අත්අඩංගුවට පත්ව ඇති බවත්, රට තුළ කැරලි ඇති කිරීම හා රාජද්‍රෝහීවීම යන චෝදනා යටතේ ස්පාඤ්ඤයට ඔහු අවශ්‍යව සිටියේය.
පසුගිය ඔක්තෝබර් මාසයේදී කැටලෝනියාව ස්වයං පාලනයක් ප්‍රකාශයට පත්කිරීමේ සිට ඔහු තමා විසින්ම බෙල්ජියම වෙත පිටුවහල් වනු ලැබුවේ ස්පාඤ්ඤ රජය ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන විටය.
ඒ අනුව, ඔහුට එරෙහිව ස්පාඤ්ඤයේදී අධිකරණ ක්‍රියාවලියක් සිදු වුවහොත් රාජද්‍රෝහී වීම හා කැරලි ඇතකිරීම යන චෝදනා යටතේ වසර 30ක සිර දඬුවමකට වුවද ඔහුට මුහුණදීමට සිදුවනු ඇත.