හිටපු ඔස්ට්‍රේලියනු අගමැති දිවියෙන් සමුගනී


හිටපු ඔස්ට්‍රේලියානු අගමැතිවරයෙකු වූ ගෆ් විට්ලම් මහතා අවුරුදු 98ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත්වූ බව එරටින් වාර්තා වෙයි.

1970 දශකයේදී එතෙක් වසර 23ක් පැවති මධ්‍යස්ථමතධාරී රජයෙන් පසුව ඔස්ට්‍රේලියානු සමාජය තුළ නව ප්‍රතිසංස්කරණ හඳුන්වාදුන් නායකයෙකු ලෙස ඔහු සැලකෙයි.

කෙසේ වෙතත් ඔහුගේ රජය නිතර ප්‍රශ්නවලට මුහුණ දුන් රජයක් ලෙසද සැලෙකයි.

හිටපු ජනාධිපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔස්ට්‍රේලියානු වත්මන් අගමැති ටෝන් ඇබෝට් පවසන්නේ ඔහු අපේ කාලයේ යෝධයෙකු බවයි.

හිටපු ජනාධිපතිවරයාට කෙරෙන ගෞරවයක් ලෙස ඔස්ට්‍රේලියාව පුරා ජාතික ධජය අඩකුඹු කරන ලෙසද ඔහු ඉල්ලා තිබේ.

 



Recommended Articles