හිටපු උපදේශක ෆ්ලින් නීත්‍යනුකූලයි - ට්‍රම්ප්


ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින් රුසියාව සමග පවත්වා ඇති සබඳතා නීත්‍යනුකූල බව ජනපතිවරයා අවධාරණය කරයි.

ඇමෙරිකානු ජනපතිවරණයට රුසියානු අතපෙවීමක් සිදුවීද යන්න පිළිබඳව කෙරෙන පරීක්ෂණවලට තම සහයෝගය තවදුරටත් ලබාදෙන බව පවසමින්, මෙම චෝදනාවන්ට සමාව දෙන ලෙස ඔහු ඉල්ලා ඇත.

මේ තත්ත්වය තුළ ඔහුට එරෙහිව දැඩි දඬුවමකට යටත් වීමක් සිදු නොවනු ඇති බවත්, මෙම පරීක්ෂණ තවදුරටත් සිදුකෙරෙනු ඇති බවත් විදෙස් වාර්තා පවසයි.

මේ අතර, ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති ජනපති ට්‍රම්ප්ද පවසා ඇත්තේ සැඟවීමකට කිසිවක් නොමැති බවය.

ඇමෙරිකානු ජනපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට වැඩි වාසි අත්වන ආකාරයෙන් රුසියානු අතපෙවීමක් සිදුව ඇති බවට හිලරි පාර්ශ්වයෙන් චෝදනා එල්ල විය.

1_Flyyn



Recommended Articles