හිටපු අගමැතිට සමලිංගික පාක්ෂිකයෙකුගෙන් ප්‍රහාර


ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත විය යුතු බවට පැවැත්වෙන ජනමතවිචාරණයේදී ඊට එරෙහි පාර්ශ්වයේ ප්‍රබල සාමාජිකයෙකු වන හිටපු ජනපති ටෝනි ඇබොට් වෙත සමලිංගික විවාහ නීතිගත කිරීමට වෙරදරන පාර්ශවයේ අයෙකුගෙන් හිසට පහරක් එල්ල වී තිබේ.

මෙම මැතිවරණයේ නැත යන පාර්ශ්වය හෙවත් සමලිංගික විවාහ නීතිගත කිරීමට දැඩි විරෝධයක් දක්වන හිටපු ජනපති ඇබොට් වෙත මෙම පහරදීම සිදුව ඇත්තේ ඔහු තස්මේනියා පුවත්පත් කාර්යාලයකට පැමිණි අවස්ථාවේදීය. එහිදී, එම කාර්යාලයෙන් පිටතට පැමිණි අගමැතිවරයාට අතට අතදීමට ඉදිරිපත් වූ අයෙකු, පසුව වැරෙන් හිටපු අගමැතිවරයාගේ හිසට පහරක් එල්ල කර තිබේ.

මෙම පහරදීම සිදුකළ පුද්ගලයා ඔව් යන සලකුණ සහිත ලාංඡනයක් පැළඳ සිටි බවත්, ඒ තුළින්ම ඔහුගේ අභිප්‍රාය වැටහුණු බවත් හිටපු අගමැතිවරයා පවසයි.

මේ වනවිට ඔස්ට්‍රේලියාවේ සමලිංගික විවාහ නීතිගත කිරීමේ ඡන්ද විමසීම වඩාත් උණුසුම් ස්වරූපයක් ගෙන ඇති අතර, එය ලෝකයේ පවුල් සංස්ථාව හා සමාජීය වටපිටාව දෙදරවා හරින තුවාලයක් ලෙස ඔඩුදුවා ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.   

1_Tony-Abbott-1 2



Recommended Articles