මුස්ලිම් කාන්තාවන්ගේ හිස් ආවරණය හෙවත් හිජාබය පැළඳීමේ නීතිය කඩ කළ ඉරාන ජාතික කාන්තාවකට වසර දෙකක සිර දඬුවමක් සමග අධිකරණ තීන්දුවක් ලැබී තිබේ.
තම රටේ හර පද්ධතීන් විනාශ කිරීමට උරදීමේ වරදට ඇයට මෙවැනි දඬුවමක් ලබාදුන් බව එරට නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
ඉරානය තුළ හිස ආවරණ ඉවත්කරමින් මුහුණ නිරාවණය කරගෙන යෑමේ වරදට පසුගිය කාලයේ කාන්තාවන් විශාල පිරිසක් අත්අඩංගුවට පත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඉරානය තුළ වර්ෂ 1979 ට පෙර වඩාත් විවෘත නීති පද්ධතියක් පැවතුණු අතර කාන්තාවන්ටද පුරුෂයන්ට මෙන්ම සහ අයිතීන් බොහෝ අවස්ථාවල හිමිව තිබුණි.
කෙසේ වෙතත්, ඉරාන විප්ලවයත් සමග ඉස්ලාමීය නීතිය එරට රජ කිරීම ආරම්භ වීමත් සමග එරට කාන්තාවන්ට හිස් ආවරණය කරගෙන යෑම අනිවාර්යය කෙරුණු අතර, එය නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවටද පත්විය.