හැගුපිට් චණ්ඩමාරුතය පිලිපීනයට කඩා වදී


පිලිපීනයේ නැගෙනහිර මුහුදු තීරයට බලපා ඇති හැගුපිට් චණ්ඩමාරුතය ඩොලෝර්ස් ආශ්‍රිතව භූමියට කඩා වැදී ඇති බව වාර්තා වෙයි.

මෙම චණ්ඩ මාරුතය හේතුවෙන් මේ වනවිටත් දැඩි වර්ෂාපතනයක් සමග පැයට සැතපුම් 120ක් ඉක්මවූ වේගයකින් දැඩි සුළං තත්ත්වයක් ඇති වී තිබෙන බවත් වාර්තා වෙයි.

එමෙන්ම, චණ්ඩමාරුතය හේතුවෙන් පුද්ගලයන් රැසක් අතුරුදන්ව ඇති නිසා ජීවිත හානි පිළිබඳ වාර්තා වීම්ද ඉහළ යා හැකි බව බලධාරීහු පවසති.

කෙසේ වෙතත් චණ්ඩමාරුතය පැමිණීමට පෙර ප්‍රදේශයේ පදිංචි කරුවන් දේවස්ථාන, පාසල් සහ අනෙකුත් රැඳවුම් ස්ථාන වෙත යැවීමට කටයුතු කර තිබූ බවද බලධාරීහු පෙන්වා දෙති.

නැගෙනහිර සහ උතුරු සාමාර් දෙසට ගමන් කළ කුණාටුව මීට වසරකට පෙර 7000කට වැඩි පිරිසකට මරු කැඳවූ හයියන් කුණාටුවෙන් පීඩා විඳි තක්ලොබාන් නගරයට කඩා වදිනු ඇති බවටද අනතුරු අඟවා තිබේ.

පිලිපීනයේ සමාජ සුබසාධන සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ තෙල්සා බියොලෙනා පවසා ඇත්තේ දැනට පවති තත්ත්වයට මුහුණදීම සඳහා ආපදා සේවක කණ්ඩායම්වලට නිසි පුහුණුව ලබාදී ඇති බවයි.



Recommended Articles