හෆින්ග්ටන් පෝසට් නිර්මාතෘ කර්තෘ ධුරයට සමුදෙයි


ලෝක ප්‍රකට හෆින්ග්ටන් පෝස්ට් පුවත් අඩවියේ නිර්මාතෘ අරියානා හෆින්ග්ටන් එහි ප්‍රධාන කෘර්තෘ ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඇය මෙසේ හෆින්ග්ටන් පෝස්ට් ප්‍රධාන කර්තෘ ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත්තේ ඇයගේ නවමු ව්‍යාපාරය වන ත්‍රයිව් ග්ලෝබල් වෙත නායකත්වය දීම සඳහාය.

"මම හිතුවෙ හෆින්ග්ටන් පෝස්ට් කියන්නෙ මගේ අවසන් භූමිකාව කියලයි. ඒත් මම හෆින්ග්ටන් පෝසට් ප්‍රධාන කර්තෘ ධුරයෙන් ඉවත්වීමට තීරණය කළේ මගේ නවතම ව්‍යාපාරය වන ත්‍රයිව් ග්ලෝබල් වෙත නායකත්වය දීම සඳහායි" යනුවෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය පවසා තිබේ.  



Recommended Articles